විශේෂිත ස්නායු මනෝ වෛද්‍ය ඇගයීම්
වෛද්‍යමය රෝග සහ ස්නායු මනෝ වෛද්‍ය රෝග වලින් පෙළෙන සියලුම රෝගින්ගේ රෝගාබාධ හෝ තුවාල, රෝග විනිශ්චය සහ නිසි ප්‍රතිකාර සමග ඉදිරියට යාමට පෙර සියලුම රෝගීන්ගේ රෝග ලක්ෂණ තක්සේරු කිරීම අත්‍යවශ්‍යම කරුණක් ලෙස සලකමින් නියමිත ප්‍රතිකාර නිසියාකාරව සිදු කිරීම මෙහිදි අප විසින් සිදු කරයි.
විශේෂිත සහායක සත්කාරක සේවාව
අපගේ නිවැසියන්ට ඔවුන්ගේ අභිමතය පරිදි එදිනෙදා කටයුතුවල යෙදෙන විට ගෞරවනීය සහ සැලකිලිමත් සහයක් හෙද කාර්ය මණ්ඩලය හා වැඩිහිටි නිවාස කාර්ය මණ්ඩලය තුලින් අපේක්ෂා කළ හැකිය. වැඩිහිටි සහායකයින්, පුද්ගලික රැකවරණය සැපයීමට අමතරව, ඔවුන්ගේ රෙදි සේදීම, සියලු ආහාර පිසීම (විකල්ප නේවාසික සහාය ඇතිව) සහ පිරිසිදු කිරීම් කරනු ඇත. මෙම පදිංචිකරුවන්ට ඔවුන්ගේම නව නිවසක් පමණක්ම වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අනෙක් පදිංචිකරුවන් සමඟ එකිනෙකා අතර සුහදත්වය සමාජගත කිරීම, මානසික සිත්තැව්ල් බෙදාහදා ගැනීම, ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ එකිනෙකා සමඟ ඔවුන්ගේ දැනුම හා හැකියාවන් බෙදාහදා ගැනීමට මනා පිටුවහලක් සැපයීම.
තවද උදේ 7.00 ත් සවස 6.00 ත් අතර ඕනෑම වේලාවක අමුත්තන් හමුවීමටත්, ඔවුන් තෝරා ගන්නා ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සංචාර සැලසුම් කිරීමටත් අපගේ නිවැසියන්ට අවස්ථාව හිමිවන අතර, ඊට ප්‍රතිඋපකාර ලෙස, ඔවුන්ගේ සෞඛ්‍යය, ඔවුන්ගේ සංවේගයෙන්, ඔවුන්ගේ උද්යෝගය සහ ඔවුන් සිටින ස්ථානය පිළිබඳව ඔබ අපව දැනුවත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
විශේෂිත නිපුණ හෙද සත්කාරක සේවාව
වැඩි සෞඛ්‍ය හෝ රැකවරණ අවශ්‍යතාවයන් ඇති පදිංචිකරුවන්ට හා තාවකාලික පදිංචිකරුවන් සඳහා, අපගේ නිපුණ හෙද සත්කාරක පහසුකම සියළු දෙනාටම වඩාත් සමීප අධීක්ෂණය යටතේ සහ සහාය ජීවන රටාවක් ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටී.
වැඩිහිටි රැකවරණය පිළිබඳ විශේෂිත පුහුණුව ලත් අපගේ පූර්ණ කාලීන සහ අර්ධ-කාලීන ලියාපදිංචි හෙදියන් දෙදෙනෙකු පූර්ණ කාලීන වැඩිහිටි සහායකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින අතර, ඔවුන් වෙනුවෙන් අපගේ දක්ෂ හෙදියන් සහායක සත්කාරක සේවාවන් අතුලු බොහෝ සේවාවන් අපගේ පදිංචිකරුවන් වෙනුවෙන් නිතිපතා ඉටු කරයි. සියළුම සත්කාරයන් හා ප්‍රතිකාර සැලසුම් කිරීම විශේෂිත වෛද්‍යවරුන් සහ උපදේශකයින් විසින් අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ
අපගේ මධ්‍යස්ථානයේ රැඳී සිටින පදිංචිකරුවන්ට ඔවුන්ගේම වෛද්‍යවරුන් හෝ උපදේශකයින් විසින් නියම කරන ලද අවශ්‍ය ඕනෑම ඖෂධයක් ලබා ගත හැකිය.
අපගේ හෙද කාර්ය මණ්ඩලය විසින් පරිපාලනය කර අධීක්ෂණය කරනු ලබන ‘සුව අරණ’ වැඩිහිටි සත්කාරක ස්ථානයට ඇතුළු වූ පසු අපගේ කළමනාකරුවන් විසින් සහයෝගිමත් සුවදායි සමාජ ජීවිතයට සහභාගී වීමට ඔවුන්ව නිරතුරුවම දිරිමත් කරනු ලබයි.
තවද ඔවුන්ගේ සුවය වේගවත් කිරීමට සහ වඩා යහපත්බවට පත්කිරීම සඳහා ‘සුව අරණ’ සත්කාරක සේවාව භෞතික වශයෙන් බලපෑම් නොකරන ක්‍රියාකාරකම් සිදු කරමින්
ඔවුන්ගේ අභිප්රායන් වර්ධනය කිරීම නිරන්තරයෙන්ම සිදු කරයි.